දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසය
1916 දී පමණ කාලයේ යාන්ත්‍රික වඩු පාසල පැවතුණු ස්ථානයේ පොල් අතු සෙවිලි කරන ලද කුඩා ශාලාවක ගැහැණු පිරිමි ළමුන් 10 දෙනෙකුගෙන් පමණ සමන්විත පාසලක් ලෙස සඟරුවන්කෙත ඉදි වූ පළමු බෞද්ධ මිශ්‍ර පාසලයි. මෙම කුඩා පාසල පිහිටි භූමිය ජනාවාස භූමියක් නොවීමත් , කැලෑ බද ප්‍රදේශයක් වීමත් , ඉඩකඩ අඩු වීමත් නිසා දෙමාපියන් මෙයට තම දරුවන් එවීමට කැමති නොවීය. පසුව මෙය 1920 දී පත්තිනි දේවාල භූමියේ ආරම්භ කර පවත්වාගෙන යන ලදි.මෙම කුඩා පාසලේ අධ්‍යාපනය ලැබූ ආදි ශිෂ්‍යයන් ලෙස W.A.K. ප්‍රේමරත්න මහතා හා T.M.B.G.ගුණරත්න මහතා දැක්විය හැකිය.එලෙස පවත්වාගෙන යන මෙය ශ්‍රී විජය බෞද්ධ පාඨශාලාව නමින් ඉතිහාසයේ පැවතුණි.
මෙවන් උත්කෘෂ්ට නිමැවුමට නායකත්වය සහ දායකත්වය සැපයූවේ P.B.අත්තනායක මහතා, කවිචින්තාමානී මහත්මිය හා P.M.P. අභයසිංහ මහතා තුළ ප්‍රදේශවාසීන් ය.මෙහිදී නිල ඇඳුමක් නොමැතිවූ අතර පාසල පවත්වා ගෙන යනු ලැබුවේ පෞද්ගලික වියදමිනි.ළමුන් කෙමෙන් කෙමෙන් වැඩි වෙන අවස්ථාවේදී තවත් භූමි භාගයක් වූ දෙවුරන් වෙහෙර අංකෙළිහින්න ඉඩම අක්කර 5කින් යුතු වූ අතර ඒ ප්‍රදානය කොට එවන් සත්කාර වලට දායකත්වය ලබාදෙන්නේ මාඔය හගුරන්කෙත ඇල්ලේ ගෙදර උපාලි රත්නායක මහතාගේ පරපුරෙන් පැවත ආ තවත් ඥාතීන් හා ප්‍රදේශවාසීන් ය .

හගුරන්කෙත කනිටු විදුහල ආරම්බ කරන මොහොතේ ගත් ඡායා රූපයකි.
මෙකී විද්‍යාලයේ මුල්ම විදුහල්පතිතුමා P.S. ප්‍රනාන්දු මහතායි. පසුව සිසුන් 250 ක් පමණ වන විට පත්තිනි දේවාලයේ පාසලින් ඩෙස් බංකු හිස මත තබා මෙම පාසලට ගෙනැවිත් පාසල ආරම්භ කළ බවට දැනට සුකීවත් ව සිටින දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ආචාර්යW.A.ප්‍රේමරත්න මහතාගේ බාප්පා වන W.A.K.ප්‍රේමරත්න මහතා උපකාර කර තිබේ .තව ද ඒ සදහා I.M.P.B. ගුණරත්න මහතා ද උපකාර කර ඇත.
දියතිලක වරුණ
සුනිමල දිය තලා කඳු පහසින් ඔද වැඩුණු ලිහිණියා ගල දියතලා ගලදොළුගල කඳු පවුරුවලින් සුරක්ෂිත වූ නිල් වන් දමිල්ල නලවා සලා වැටුම්
දෙමින් සුකොමල ගමන් යන මා ඔය කොමළිය හා බෙලිහුල් ඔය කොමලියන්ගෙන් සුපෝෂිත ඓතිහාසික සඟරුවන්කෙත පුරවරය
නුවරඑළිය දිස්ත්‍රීක් මායිමේ පිහිටා ඇති අති රමණීය පූජා භූමියකි. බුද්ධ අදහස්, දේව අදහස්, රාජ අදහස් වලින් පරිපෝෂිත ජනතාවක් වෙසෙන ආගමික, සංස්කෘතික, සමාජීය, දේශපාලන වශයෙන් දිගු ඉතිහාසයකට නෑකම් කියන ආගන්තුක සත්කාරයෙන් හිනි පෙත්තටම සපැමිනි සහෘද ජනතාවක් වෙසෙන භූමියකි. විෂම වූ භූ ලක්ෂණයන් පෙන්නුම් කරන අපූරු චමත්කාර ජනක මනස්කාන්ත දර්ශනයක් ලොවට කියා පෑ හැකි ස්වභාවිකත්වයෙන් අනූන තෝතැන්නකි. ඓතිහාසික සඟරුවන්කෙත විටෙක ලෝකයට තිලකයක් බඳ වූ නිසා
දිය තිලකයකි. දිය දහරාවන්ගෙන් අනූන දිය තලාවකි. රජෙකු තුන්ලක ජය ගෙන කර වූ නගර ද්වාරයක් වූ නිසා දියතිලකයකි. ඒ ඇසුරෙන් දිය තිලක ග්‍රාමවරය ලද බව ඉතිහාසයේ තතු දත්තෝ පවසති. මහා සංඝයාගෙන් සැදුම්ලත් රන්රුවන්කෙත සඟරුවන්කෙත හඟුරන්කෙත වූ බව ජනප්‍රවාදයකි. සඟරුවන්කෙත පුරවරේ ඓතිහාසික වටිනාකම I.M.P.B. ගුණරත් මහතා හෙවත් මුර බණ්ඩා (ආදි ශිෂ්‍ය වයස අවු: 97) විසින් මැනවින් කියා පායි.
පණ්ඩුක අභය රජ රහසින් විසුව පෙර
මාළිගාතැන්න පිහිටියේ දොදුගල පවර
රහසින් දෙවියෝ විසූ දියතලා කඳු පවුර
අතරෙහි පිහිටි හඟුරන්කෙත රජ මැදුර
ඉතිහාසය ගත සාධකවලට අනුව ජය ශ්‍රී මහා බෝධි සමිඳුන්ගෙන් මුල්ම දෙතිස්ඵලරුඟ බෝධීන්ගෙන් එක් බෝධීන් වහන්සේ නමක් අරත්තන රජ මහා විහාරස්ථාන
භූමියේ රෝපිත බව ඉතිහාස ජනප්‍රවාදසාක්ෂී දරයි. එලෙස ම පල්ලේ බෝවල කිතුල්පේ ශ්‍රී රන්පත්ගේ රජ මහ විහාරස්ථාන භූමියේ දළදා වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සඟවා තැබූ ස්ථානයක් ලෙසත් ප්‍රචලිතය. පණෟඩුකාභය කුමරු සිය ළමා කාලයේ පල්ලේ බෝවල කිත්ල්පේ ග්‍රාමයේ සඟවා ඇති දැඩි කල බවත් ජනප්‍රවාදයේ එයි. එලෙස ම වෑගම රජ මහ විහාරස්ථානය එලෙස පණ්ඩුකාභය කුමරු
සඟවා සිටි ස්ථානය ලෙසට අතීත තතු පැහැදිලි කරයි.
ගැමුණු කුමරා ත්‍රී සිංහලය එක් සේසත් කිරීම සඳහා රජරට මාගම සිට සේනා මෙහෙයවූ ඓතිහාසික ගමන් මඟ විහිද ගියේ හඟුරන්කෙතට නැගෙනහිරින් ජනාවාස ව පැවති කොත්මලේ සිට බව පෙනේ. කිතුවසින් 103 දී වළගම්බා රජු සේනා සංවිධානය කිරීම
සඳහා හඟුරන්කෙතට වසර 14ක කාලයක් මෙහි ගත කළ බවත් එකල්හි විල්වල මාදන්වල අරත්තන යනු විහාර වැඩිදියුණු කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් විය ඓතිහාසික වශයෙන් පොත් ගුරු මාළිගය සතු රුවන් කෙතට වටිනා ආභරණයකි මෙහි ඉතිහාසය කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමය දිවයයි.ඒ සමයෙහි රජමාලිගය වර්තමාන වැව ක්‍රීඩාංගණය අසල විරාජමාන වූ බවත් එකේ මාලිගය බිසවුන් වහන්සේලා ජලය ස්නානය කළ ඓතිහාසික තටාංගනය යැයි සැලකිය හැකි ජල උද්‍යානයේ දැනට ක්‍රීඩාංගනයට නැගෙනහිර දෙසින් බ්සෝ පිහිල්ල නම් විශේෂ පිහිටා ඇත. වර්තමාන වැව ක්‍රීඩාංගන ඉදි කිරීමේදී ඒ මාලිගාවේ යැයි සැලකිය හැකි ශේෂ කොටස් පිහිටා තිබේ.එකී මාලිගාවේ තිබූ ශේෂ කොටස් වලින් එවකට පොත්ගුල් මාළිගා භූමියේ වැඩ වාසය කළ දොරටියාවේ හාමුදුරුවෝ දැන් අප වන්දනාමාන කරනු ලබන පොත් ගොඩ මාළිගාව නිර්මාණය කළ බව හගුරන්කෙත තද දත් ඉතිහාසඥ ප්‍රභූන් දක්වති දැනට ශ්‍රී ලංකාවේ ලැබෙන විහාරාරාම වලඅංග ලක්ෂණ අතර ගල් දොර හා ගල් උළුවස්ස සුවිශේෂී වේ. දැනට ලංකාවේ පවතින ගල් උළුවස්සක් ගල්දොර වර්තමානයේ පොත්ගුල් මාළිගාවට පිවිසෙන දොරටුවෙන් දැකගත හැකිය.
එහි ගල් දොර ගැලවී පිටුපස පොළොව සිප ගෙන තිබීම කණගාටුවට හේතුවකි. එමෙන්ම ජන සාහිත්‍ය තුළ ජන හාස්‍යජනක චරිතයක් ලෙස ජනාදරයට පත්වූ අන්දරේ හා පැණි වරකා ගස ජනකතා වටා ගෙතුණු සිද්ධි දාමයකට බඳුන් වූ ඓතිහාසික පැණි වරකා ගස වර්තමානයේ ඓතිහාසික විෂ්ණු දේවාලයේ භූමිය දකුණු පසින් අහස් කුස සිසාරා වැජඹෙයි. එලෙසම පෙර රාජධානි යුගය මෙරට රජවරුන්ට ආරක්ෂාව සැලසූ භූමියක් සේ ම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් මෙරට 1815 යටත් කරගැනීමෙන් අනතුරුව කාලසීමාවේ දී ඇතිවූ විවිධ ජන අරගලයන්හි දී ඓතිහාසික සදරුවන් කෙත රණවිරුවන්ට රට දැය වෙනුවෙන් ලේ කදුළු සිය ජීවිතය පූජා කළ අභීත රණවිරුවන් බව පෙනේ. විශේෂයෙන් 1848 ඓතිහාසික මාතලේ( උඩරට කැරැල්ල) සටහන් අවස්ථාවේදී වලල වෙල කුඹුරේගෙදර අභයකෝන් ජයසේකර මුදියන්සේලාගේ ඩිංගිරාළ හෙවත් වීදි පැලැල්ලේ බණ්ඩාර ( ලංකාවේ අභිෂේක ලත් අවසන් සිංහල රජු )උදාර විරුවෙකි.